Thursday, January 30, 2014

දහසක් හැඟුම් පියඹයි මගෙ හිසට........................උඩින්
අහිතක් නැතිව දෙනවලු මට ගොඩින්...................මඩින්
සියයක් මිතුරු කැල පවසයි එකම.......................හඬින්
සැකයක් නොමැත බැන්දොත් උඹ දඩින්..............බිඩින්

පොඩියට මඟුල චාමෙට අපෙ ගෙදරම................ගත්තත්
දවසට බ්ඳින එයි මුළු ගම පවුලම......................එක්කත්
හවස්ට ටිකක් ටික දෙනෙකුට බොන්නට.............දුන්නත්
කැඩුමට වෙනවා බැංකුවකුත් මඟුලක්.................හින්දත්

කෙලෙසින් කෙලෙස හරි දෙන්නම කසාද බැන්.........දාට
සුවසින් සිටියි ටික දවසක් සායම් ගා.......................පාට
ටිකකින් නැන්දා සහ ලේලිය පටන් ගත්ත................දාට
ගෙදරින් යන්නට වෙන්නේ අසරණ වන.................මාට


දස මාසෙන් පුංචි පුතෙක් අපෙ ලෝකෙට.................ඒවි
මා වෙනුවෙන් නුඹ ලඟ තව ඉඩ කඩ නැති..............වේවි
පුතු නාමෙන් මගෙ තුරුලෙන් ඈතට දිව..................යාවී
පා සලමින් කිරි කැටියා කොමල සිනා.....................පාවී

රෑට කන්න පොලුයි බතුයි උයලා.......................දුන්නම
දාට සමහරක් චුට්ටක් වැඩිපුර.............................බිවුවම
පාට හොයන මගෙ ලෝකය කළුවර.................කෙරුවම
ඊට හොඳයි නංගියෙ මට සුපුරුදු........................තනිකම

2 comments:

  1. //ඊට හොඳයි නංගියෙ මට සුපුරුදු........................තනිකම// මේකට හේතු ටික දැක්කම තමා හිනා යන්නේ! හි හි

    ReplyDelete
  2. //ඊට හොඳයි නංගියෙ මට සුපුරුදු........................තනිකම//

    ඒකනම් සහතික ඇත්ත..

    ReplyDelete