Wednesday, October 16, 2013

මිතුර...................

ඇය අතහැර යන්නට පෙර සිතුණා මට මෙය....................ලියන්න
අපි තරඟෙට පිල් බෙදුණට එපා වයිරයෙන් ....................බලන්න
ඇගෙ ආදරෙ හිමි නොවුණට තරහක් නෑ මගේ .....................ඔන්න
හීලෑ වුණ මුවැත්තියව ඔබෙ පණ මෙන් රැක .....................බලන්න

ඇය සුන්දර සුර අඟනක් එපා ඇයගෙ සිත ......................රිදන්න
නොපිපුණ ඇය කැකුළු මලක් එපා කැකුලෙ රොන් .........උරන්න
සිත ලස්සන පොඩි කෙල්ලෙක් ඇය හට ආදරය ...............දෙන්න
තවමත් බැහැ මගේ මිතුරෙ මට ඇය අමතක ..................කරන්න



එවනා ලද මේ ලිපියට එපා පිළිතුරක්........................ එවන්න
ඇගෙ ආදරෙ නාමෙන් ඔබ ඇය සැමදා බලා.................... ගන්න
ඇය අතහැර දුර රටකට මම යනවා ඉතින් ....................ඔන්න
හෙටින් පස්සෙ මම නැහැ තව ඔබ හට කරදර........... කරන්න

තවදුරටත් ඇය හට බැහැ කවදාවත් මම .....................දකින්න
කිසි දිනකදි වෙන මලකට මට බැරි වෙයි සිත .............පුදන්න
ඇය ළඟ නැහැ මේ මොහොතෙදි මගේ කඳුළු පිස ........දමන්න
එහෙනම් මම නවතින්නම් මගේ මිතුරෙ සමා ................වෙන්න


No comments:

Post a Comment