Thursday, November 21, 2013

බලා සිටිමි මම..........

ක්ෂිතජය අගින් බැස යයි හිරු අහස රතු       කරන්
හදවත ලඟින් කිමිදෙයි ඇය මල් පොකුරු     අරන්
බියමුසු නුවන් වැලපෙයි පැතු පාරමී             පුරන්
පරවුණු සිතින් සොයතෙයි නුඹ තවම නිදි     මරන්



Friday, November 8, 2013

ඇය ගැන ලියූ කවි.............

මතකයි  මොහොත  ඔබ දුටු ඒ මුල්               දවස
උමතුයි සිතම ඒ හිරු බැස යන                     සවස
පියවයි දෙනෙත සිහියට එන විට                 මියැස
සතුටයි දැකුම ඔබ රුව නිමලයි                වෙහෙස



සියපත් මලයි දෙනුවන් හැම අත                   සෙව්වේ
බියපත් නෙතුයි හොරැහින් මා දෙස                 බැළුවේ

දියපත් ලෙසයි සිසිලෙන් හදවත                   නැහැවේ
පියපත් සොයයි විහඟුන් මෙන් සිත                නැලවේ






දුටුමුඳු දසත අපමණ නෙත් යුග                       දහසක්
එනමුඳු දෙනෙත සොයමින් සිටියෙම              පහසක්
එකමුඳු බෙහෙත ඇයමයි ඇය මට                   අහසක්
සුදු මුදු මවෙත නෙතඟින් පැවසුවෙ                 රහසක්



෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

සොඳුරු මලකට...අහිමි සෙනෙහස...ගියා දෙනෙතින් කඳුළු.......,....ගංගා
බිඳුණු හදකට....පාන මදහස.....අරුත් නැහැ එහි ශෝක.............,..හංගා
කන්ද උඩරට....රාජ උදහස.....නොදත් මුවදෙන පාන..................,.රංගා
ම්තිඳු බඹරට....ඔබේ සුවහස.....කෙලෙසකද හිමි වුණේ................නංගා