Sunday, October 13, 2013


_______________වැස්ස__________________

ඇවිදින් විල් තෙරෙන් හඬමින් අඳුරු........................වලා
හමමින් ඇල් සුළන් විගසින් ගතම..........................වෙලා
එසැණින් පිල් විදන් මොණරුන් සැපත්.................වෙලා
රඟමින් නිල් නුවන් සැනෙකින් වශී.........................කළා


දිනකර නොමැත අද ඔහු සැඟවිලා........................ගොහින්
දෙවුලිය හඬයි ඔහු ඇයගේ කඳුළු.............................පිහින්
මුතු පිණි කඳුළු වරුසා ඇගෙ නෙතු ......................අගහින්
කිසිවක් නොවුණු ලෙස සිරිලක් බිමට.....
................බහින්



සුළඟක් හමයි හෙමිහි
න් රහසක්...........................මුමුණා
ගස් වැල් නැමෙයි තාලෙට ඇය ගී..........................ගයනා
පැණයක් නොවෙයි විහඟුන් නැත අද....................රඟනා
අහසක් හඬයි වැසි බිඳු පොළවට........................වැටුණා

පණ ඇති ලෙසයි ඇදෙනා මඩ දිය.....................දහර
හෙමි හිට ගලයි සෝදා ගෙන ගුරු........................පාර
ගව යට කියයි අම්බරුවා කට..........................වහර
වෙල සිට හඬයි ඌ පුප්පා ගෙන.......................නහර

වට සුන්දරයි දකිනා විටවැසි.............................වසිනා
කට නම් සැරයි දෙවුලියගේ ගොරව.....................වනා
වත ලස්සනයි සොඳුරිය මම ආලය..................කරනා
මට සීතලයි මම ඇය වෙත තුරුළු......................වුණා



6 comments:

  1. මැවිලා පෙනුනා බං... ලස්සනයි

    ReplyDelete
    Replies
    1. එල මචන්.... ස්තූතියි අදහසට...

      Delete
  2. මැවිලා පෙනුනා බං... ලස්සනයි

    ReplyDelete
  3. ටෙම්ප්ලේට් අවුලක් වගේ. වෙන සයිට් එකකට යනවා

    ReplyDelete