Friday, November 8, 2013

ඇය ගැන ලියූ කවි.............

මතකයි  මොහොත  ඔබ දුටු ඒ මුල්               දවස
උමතුයි සිතම ඒ හිරු බැස යන                     සවස
පියවයි දෙනෙත සිහියට එන විට                 මියැස
සතුටයි දැකුම ඔබ රුව නිමලයි                වෙහෙස



සියපත් මලයි දෙනුවන් හැම අත                   සෙව්වේ
බියපත් නෙතුයි හොරැහින් මා දෙස                 බැළුවේ

දියපත් ලෙසයි සිසිලෙන් හදවත                   නැහැවේ
පියපත් සොයයි විහඟුන් මෙන් සිත                නැලවේ






දුටුමුඳු දසත අපමණ නෙත් යුග                       දහසක්
එනමුඳු දෙනෙත සොයමින් සිටියෙම              පහසක්
එකමුඳු බෙහෙත ඇයමයි ඇය මට                   අහසක්
සුදු මුදු මවෙත නෙතඟින් පැවසුවෙ                 රහසක්



4 comments:

  1. //දුටුමුඳු දසත අපමණ නෙත් යුග දහසක්
    එනමුඳු දෙනෙත සොයමින් සිටියෙම පහසක්// දෙනෝ දාහක් නුවන් අතරේ.... ගීතය මතක් වුණා.

    ReplyDelete
  2. හ්ම්ම් මොකද මේ හදවත විවර වෙලා

    ReplyDelete