Monday, October 14, 2013

_________රාශි 12_________

පොඩි කලයක් ඉඟටිය මත තබා.....................ගෙන
වරලස හෙලා ලැසි ගමනින් එන.....................ලලන
එය දුටු විගස මඟ එළුවන් කෙළ.....................හලන
යන්නේ මතට උන් කක්කුට් ටන්....................ලෙසින

මලවිය මවෙත දුන්නෙන් විදුවා........................හීයක්
ආඩම්බරයි ඇය විලසින් මොණර...................රුවක්
ඇස් බැඳ නැති වුවද එල්ලන් තරා....................දියක්
යුක්තිය රකින හැටි අගනෙයි පියා...................ඇසක්




ඇය මෙන් නොවේ ඇගෙ නිඹුහුන් සොහො..............යුරිය
කට නම් සැරයි එය නම් මකරට............................සරිය
දවසක් රැගෙන මම සිරුරට ෆුල්............................විරිය
පෙර මඟ ගියා කියමින් මගෙ අඬ..........................හැරිය

ගිය මුත් ඉදිරියට මම සිංහයා.................................වගේ
විමසුවෙ ගොසින් මාළුන් ගැන සිටින.......................ගඟේ
ඇන්නා සොහොයුරිය වල්ගෙන් ගෝනුස්සා.............වගේ
එන්නට වුණේ මට දක්වා ගොනා............................රඟේ



6 comments: