Wednesday, January 22, 2014

ලෝක ප්‍රසිද්ධ ශ්‍රී ලංකාවේ ඉපදුණු කලා කරුවන්....

1.ජැකලින් ෆර්නැන්ඩස්
හැමෝම හොඳින් හඳුනන ජැකලින් ශ්‍රී ලාංකිකයෙකු බව නොදන්න කිසිවෙකුත් නැති තරම්... ඇය ඉපදී තියෙන්නෙ  1985 අගෝස්තු 11 කොළඹදී.. ඇය 2006 දී මිස් ශ්‍රී ලංකා කිරුල ජයග්‍රහණය කරා.ඇය උසස් අද්‍යාපනය ලබල තියෙන්නෙ ඕස්ට්‍රේලියාවෙ මෙල්බර්න් යුනිවර්සිටි එකේ..ඊට පස්සෙ තමයි අපි දන්න විදියට එයා බොලිවුඩ් වලට සම්බන්ද වෙන්නෙ..2009 ඇලඩින්  ෆිල්ම් එක තමයි මුල්ම ෆිල්ම් එක..ඒ අවුරුද්දෙ අයිෆා උලෙලෙදි ජැකලින් හොඳම නැගී එන නිළියට හිමි සම්මානෙත් දිනා ගත්තා.. ඇලඩින් ෆිල්ම් එකෙන් පස්සෙ එයා ගොඩක් ෆිල්ම් වල රඟපාලා තියනවා...2011 මර්ඩර් 2,2012 හවුස් ෆුල් 2 වගේම 2013 රේස් 2 ඒවා අතරි ගොඩක් ප්‍රසිද්ධ වෙච්ච ඒවා...තව ඉස්සරහට සල්මන් එක්ක රඟපාන Kickෆිල්ම් එක සහ රන්බීර් එක්ක රඟපාන Roy ෆිල්ම් එක එන්න තියනවා කියලා තමයි දැන ගන්න තියෙන්නෙ..ඒ වගේම මේ දවස් වල ජැකලින් හොලිවුඩ් ෆිල්ම් එකක රඟපානවලු...According to mathew කියලා... අපිට ඒකත් නුදුරු අනාගතයේදිම බලාගන්න ලැබේවි කියලා පතනවා.


2.බර්නාර්ඩ් වයිට්

නම කිවුවම එතරම් හුරු පුරුදු නැති බවක් තිබුනට මෙයා හොලිවුඩ් වලට නැතුවම බැරි නළුවෙක්,පිටපත් රචකයෙක් සහ අධ්‍යක්ෂක වරයෙක්..1959 ජුනි 8 කොළඹදී උපත ලබන මොහු  ඇමරිකාවෙදි තමයි ඉගෙනුම ලබලා උපාධිය සම්පූර්ණ කරන්නෙ..ඔහු මුලින්ම විවාහ කරගෙන තියෙන්නෙත් ඇමරිකන් නිලියක්  Nathalie Canessa-White කියලා.එච්චර ප්‍රසිද්ධ නෑ..කොහම උණත් බර්නාඩ් රඟපාලා තියන ෆිල්ම් සංඛ්‍යාව 40 කට වැඩියි...ඒ අතරින්  The scorpian king (2002),The Matrix Reloaded (2003)-as Rama-Kandra,The Matrix Revolutions (2003)-as Rama-Kandra,The Matrix: Path of Neo (2005)-as Rama-Kandra වගේ චිත්‍රපට ලෝකයක් ආදරයෙන් වැළඳ ගත් චිත්‍රපට... ඒ වගේම රූපවාහීනී කතාංග මාලා බොහෝමයක මොහු රඟපාලා තියනවා..Knight Rider,Viper,The X-Files,The Devision,24 1st season,Jag,The Unit,The Castle වගේ ඒවා ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ... ඒ වගේම Captain America: The Winter Soldier එකෙත් මොහු චරිතයක් නිරූපණය කරනවා... ඒ වගේම මොහු The Want (2001) සහ Remember a Day (2000) කියන ෆිල්ම් 2හි තිර රචනය සිදු කරලා තියනවා...තව දුරටත්  The Want (2001) ෆිල්ම් එක අධ්‍යක්ශණයත් මොහුම තමයි.. මොහු කොතරම් වටින හොලිවුඩ් තාරකාවක්ද කියන එකේ කිසිම සැකයක් නෑනෙ....අපිටත් ආඩම්බරයක්..


3.ඇල්බට් මෝසෙස්

මොහු 1937 දෙසැම්බර් 19 දින නුවරදී උපත් ලබලා තියෙන්නෙ.. මොහු නම් බ්‍රිතාන්‍ය නළුවෙක් වගේම හොඳ අධ්‍යක්ෂක වරයෙක්..ප්‍රසිද්ධ නළු නිලියන් බර ගාණක් එක්ක වැඩ කරල තියන කෙනෙක්...The Man Who Would Be King (1975), Octopussy (1983), An American Werewolf in London (1981),The Second Jungle Book: Mowgli & Baloo (1997) වගේ චිත්‍රපට වල මොහු රඟපාලා තියනවා..එතරම් අහලා පුරුදු නැති චිත්‍රපට වුණත් IMDB හොඳ රේට් ලබා ගනිපු ච්ත්‍රපට.Octopussy (1983) නම් ජේම්ස් බොන්ඩ් ෆිල්ම් එකක්..කෙසේ වෙතත් මොහු  ගේ අධ්‍යක්ශක හැකියාව නළු  කමට දෙවෙනි නෑ.Mind Your Language (TV Series 1977–1986)  තමයිළු පට්ටම අධ්‍යක්ශණය.. IMDB 8.8 ක් හම්බවෙලා තියනවා..කොහම හරි මොහුත් ලංකාවෙ නම ලෝකයට ගෙනියපු කෙනෙක්..


4.John Carson

මොහු 1927 පෙබරවාරි 28 කොළඹදී උපත ලබන්නෙ.. තවත් පට්ටම නලුවෙකකේ කාලෙ තිබුන ප්‍රසිද්ද ෆිල්ම් බර ගානක රඟපාලා  තියනවා.The Night Caller (1965); Plague of the Zombies (1965); The Man Who Haunted Himself (1970); Taste the Blood of Dracula (1970); and Captain Kronos – Vampire Hunter (1972) ඔහු රඟපෑ හොල්මන් චිත්‍රපට ටිකක් විතරයිකේ විතරක් නෙමෙයි.. මොහු ගොඩක් රූපවාහිනී කතාංග මාලාවලට දායකත්වය දීලා තියනවා The Avengers; The Saint; Adam Adamant Lives!; The Baron; Man in a Suitcase; The Champions; and Department S වගෙ..ඔහුගේ තව චිත්‍රපට බර ගාණක් තියනවා අපි හොඳට අහලා තියන සමහර විට බලලත් තියන චිත්‍රපට ඇතුල්ලුව.. කෙසේ  හෝ මොහුත් පට්ට ලාංකියෙක්..


5.Joan Elan
මැය උපත ලබන්නෙ 1929 ජුලි 24 කොළඹදී..ඇගේ මුල් නම තමයි Joan Georgian Bingham-Newland.ඇය සුපිරි නිලියක්...Darby's Rangers (1958), The Girls of Pleasure Island (1953) and The King's Thief (1955) වගේ චිත්‍රපට වල මෙන්ම ජේන් අයර් චිත්‍රපටයෙත් රඟපාලා තියනවා..කෙසේ හෝ මැය 1982 ජනවාරි 7 දින මිය ගිහින්.. :(


6.පූජා උමාශන්කර්
මැය ගැනනම් නොදන්න කෙනෙක් නෑ.. කොළිවුඩ් සිනමාවෙ වගේම සිංහල සිනමාවෙත් ජනප්‍රිය නිළියක්.මැය උපත ලබන්නෙ 1981 ජුනි 25 ව්වෙනිදා කොළඹදී.. ඇය රඟපාපු සිංහල ෆිල්ම් තමයි Anjalika (2006), Asai Man Piyabanna (2007), Suwanda Denuna Jeewithe (2010) and Kusa Pabha (2012). ඒ වගේම ඇය  දමිළ චිත්‍රපට බොහෝමයක රඟපාලා තියනවා.. ඇය දිනාගෙන තියන සම්මාන ප්‍රමාණයද අපමණයි. ඇය 2009 දී   Naan Kadavul චිත්‍රපටයේ කල රංගනයට ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙලෙ හොඳම නිළියට හිමි සම්මානය පවා ලැබිලා තියනවා..Orange,Vidiyum Munn,     Drohi,     Naan Kadavul, Thambi ඇගේ චිත්‍රපට වලින් කිහිපයක්..


7.Michael Ondaatje

මොහු නම් ලෝක ප්‍රසිද්ද ගත් කතුවරයෙක්..1943 සැප්තැම්බර් 12 වන දින කොළඹදී උපත ලබා තියෙන්නෙ...පසුව මොහු කැනඩාවට පදිංචියට යනවා. මොහු Booker Prize එක දිනාගෙන තියනවා ඔහුගේ The English Patient කියන නව කතාවට.. ඒ වගේම ඒක ඇකඩමි අවාර්ඩ් එකක් දිනපු ෆිල්ම් එකකට යොදාගෙනත් තියනවා..ඒ වගේම ඔහු තවත් ප්‍රසිද්ධ නවකතා බොහෝමයක් ලියලා තියනවා.. තව කවි රචකයෙකු ලෙසටත් ඔහුගේ නම ලොව පුරා ප්‍රසිද්ධයි.


8.Colin Gordon
මොහු ඉතා ප්‍රසිද්ධ නළුවෙක්...1911 අප්‍රේල් 27 කොළඹදී උපත ලැබූ මොහු 2වන ලෝක යුද්ධෙටත් සම්බන්ද වෙලා තියනවා.. Pink Panther(1963), සහ  Casino Royal(1967) ඇතුළු තවත් සම්මානනීය චිත්‍රපට 50කට අධික සංඛ්‍යාවක මොහු රඟාපාලා තියනවා...කෙසේ හෝ මොහුත් අවුරුදු 61ක් ආයු වළඳා 1972 ඔක්තොම්බර් 4 වන දින මිය ගිහින්...


9.Ayesha Kapoor

මැය 1994 සැප්තැම්බර් මස 13 වන දින ලංකාවෙදි උපත ලබලා තියෙන්නෙ.. ( විකිපීඩියා වල නම් කියන්නෙ ජර්මනියෙ කියලා) කෙසේ හෝ මැය බොලිවුඩ් නිළියක්..Black (2005) and Sikandar (2009) චිත්‍රපට වල මැය රඟපාලා තියනවා.. ඒ වගේම මැය බ්ලැක් චිත්‍රපටිය හරහා ගොඩක් සම්මාන වලට නිර්දේශ වෙලා තියනවා වගේම දිනාගෙනත් තියනවා..


10.සරලා කාරියවසම්

මැය ගැන නම් නොදන්න කෙනෙක් නැහැ...1996 ගාල්ලෙදි ඉපදුණු මැය ගැන හැමෝම දැන ගත්තෙ 2005 දී තිරගත වුණු Water චිත්‍රපටියෙනනෙහි සිදු කළ අති විශිෂ්ඨ රඟපෑම නිසා ඇය එවකට  ලෝකයේ හොඳම ළමා නිළියට හිමි සම්මානය පවා දිනා ගන්නවා..ඒ වගේම ඇය සිංහල සිනමාවටද නැතිවම බැරි චරිතයක් වී හමාරයි..

6 comments:

  1. කලාකාරයො කිව්වහම නලු නිලියො විතරක් නෙමෙයි මෙන්න මේ වගෙ අයත් අයිතියි මගෙ හිතේ. http://tanyaekanayaka.com/

    ReplyDelete
    Replies
    1. මේ 10 දෙනාට තමයි මුල් ස්ථාන 10 තියෙන්නෙ.. තව ඉන්නවා.. අපේ චන්ද්‍ර රත්නම් වගේ අය කොච්චර ඉන්නවද බන්

      Delete
  2. අපි මහ ලොකුවට ජැකලින් දිහා බලාගෙන හිටියට ඊට වඩා දක්ෂ නළු නිලියෝ ඉදලා තියෙනවනේ.. ඇත්තටම වටින විස්තරයක්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අදහසට.. :)

      Delete