Monday, January 13, 2014

අවසන් ලියුම

විසි වසරක් ගත වී ඇත මගෙ              දිවියෙන්
කල ආලයෙහි නැත අඩුවක් දිවි         හිමියෙන්
අද සිට පා තබන්නට මට මගෙ          සවියෙන්
ඉඩ හැර පිය තබනු මැන ඉවතට       බැතියෙන්

රිදුණත් ගොඩක් සිතුවිලි ඔබ ගැන         හිතලා
තවමත් හඬයි හදවත සිත පිරි                 මැදලා
සවිමත් වෙන්න මා හට ඉකි බිඳ             හඬලා
සියපත් කුසුම යනු දැන් මම අත            හැරලා








දිවියෙහි පුරාවට සුදු නුඹ ගැන               සිතුවා
සයුරෙහි කොනක තනිවී මම ඉකි           බිඳුවා
පහසෙහි මිහිර විදගන්නට සිත              පැතුවා
දසුනෙහි සුසුම ඇත ඔබගෙන් පා          තැබුවා

විඳි දුක් සැරයි සොඳුරිය මම නුඹ             හින්දා
කල පවු ගොඩයි ඒ වෙනුවෙන් දුක්         වින්දා
බැරි බව හැඟෙයි නුඹ ගෙන එන්නට     කැන්දා
ගොලු වූ හදයි හැර ගියෙ කඳුලක්             රන්දා

සුභ සිරි පතමි ඔබෙ දිවියට හිත              සතුටින්
කළු සුදු දුටිමි මෙතුවක් කල් සිතෙ         කහටින්
මම යමි අහිමි සිහිනය ඇඳුමට                 පාටින්
අද සිට සිතමි මට නුඹ හිමි නැත             අවටින්



2 comments:

  1. මාළුවෝ බොහෝ ඇති ජලේ.......

    ReplyDelete
    Replies
    1. එක මාළුවෙකු පමණයි හිත ගත්තෙ මලේ

      Delete